Monday, January 24, 2011

'ලී' ඇවිලෙයි.......



දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් අතුරැදන්ව සිටි 'ලී' - බ්‍රෙට් ලී නැවත ක්‍රිකට් පිටිය ආක්‍රමණය කරමින් සිටී. මෙ‍ම සුපිරි ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා මෑත කාලයේ පිටියෙන් ඉවත්ව සිටියේ එක වැලට පැමිණි රෝගාබාධ හේතුවෙනි. සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නන් නිතර ආබාධවලට ගොදුරැ වීමේ දැඩි අවදානමක් පැවැතිය ද, ක්‍රිකට් විචාරකයන් ද පුදුමයට පත්කරමින් එංගලන්තය සමග පැවැති තුන්වැනි එක් දින තරගයේ දී ඔහු කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.

කලකට ඉහත දී ලෝකයේ වේගවත් ම පන්දු යවන්නෙක්ව සිටි 'ලී', ලෝක කුසලාන තරගාවලිය තුල දී සුපුරැදු දක්ෂකම් දක්වමින් 'ඇවිලුනහොත්' එය සියලු ප්‍රතිවාදී පිතිකරැවන්ට මහත් තර්ජනයක් වනු ඇත.

No comments:

Post a Comment