Wednesday, January 19, 2011

කෝටි 50ක් එපා කිවූ පලියට සචින් වීරයෙක් ද....??




සෑම ඉන්දියානුවෙක්ම දේවත්වයෙන් අදහන එකම චරිතයක් වෙත්නම් එම චරිතය සචින් ටෙන්ඩුල්කාර්ය. වැඩි සද්ද බද්ද නැති මේ සටන්කාමී පිතිකරැවා ලොව එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම පිතිකරැවායැයි පිළිගන්නට බිලියන ගණනක් වූ ඉන්දියානුවන් සිටින්නේ එක පයින්ය. ඔහු ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂකම් අපමණය. වාර්තා පොතේ සචින් රමේෂ් ටෙන්ඩුල්කාර් ගේ නම ඉදිරියෙන් ලියැවී ඇති වාර්තා ගණන කථා කිරීම කෙසේ වෙතත් ඔහුගේ සමහර තීරණයන් සමාජයීය වශයෙන් මුලු මහත් ලෝකයේම අවධානය යොමු කරවීමට සමත් බව නම් රහසක් නොවේ.

මෙයින් මෙම වසර ආරම්භයේම අවධානයට ලක් වූ ප්‍රවෘත්තිය වූයේ සචින් ඉන්දීය රැපියල් කෝටි 20ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේපකලා යැයි කියන කරැණයි. යම් කිසි මධ්‍යසාර දැන්වීමක පෙනී සිටීම සදහා ඔහුට මෙ‍ම දැවැන්ත කොන්ත්‍රාත්තුව ලැබී තිබුණී. මෙය ලංකාවේ මුදල හා සසදා බැලූ විට කෝටි 50න දැවැන්ත මුදලකි.

ලොව බො‍හෝ තරැණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පමණක් නොව විවිධ සමාජ තරාතිරම් අතර Icon එසේත්නැතිනම් Idol කෙනෙකු ලෙස අප්‍රමාණ අවධානයට ලක්වන චරිතයක් මෙවන් අතිවිශාල ධනස්කන්ධයක් ප්‍රතික්ෂේප කරමින් දී ඇති පණිවිඩය ප්‍රශංසණීය ය. මෙම සිදුවීමෙන් පසු ඔහු හෙතූන් වශයෙන් කරැණු දෙකක් දක්වා ඇත. යමෙකුගේ සෙෘඛ්‍යට අයහපත් ලෙස බලපෑහැකි මත්ද්‍රව්‍ය දැන්වීම් සදහා ඔහු සහභාගී නොවන බවත්, එසේ නොකිරීමට සචින් තම පියාට පොරොන්දුවක්වී ඇති බවත්මේ ශ්‍රේෂ්ඨයා මාධ්‍ය වලට පවසා ඇත.

සචින් මෙම දැවැන්ත මුදල ප්‍රතික්ෂේප කරමින් පිට වූ විට, එම මත්පැන් කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායම් නායක මහේන්ද්‍ර සිං ද්‍රෝණි වීම කණගාටුදායක කරැණකි.

තමන් ප්‍රතික්ෂේප කරන වැරදී දේ අඛණ්ඩව කරගෙන යෑම සදහා ද මිනිසුන් ලොව කොතෙකුත් සිටී. එහෙව් සමාජයක කෝටී ගණනක් ප්‍රතික්ෂේප කල මිනිසෙක් වීරයෙකි. ඒ අන් කිසිවක් නිසා නොව පුරැෂාර්ථ හා සමාජ වගකීම් ආදිය මුදලට යට කල යුතු දේනොවන වග සචින් ටෙන්ඩුල්කාර් ආදර්ශයෙන්, ප්‍රායෝගිකවම පෙන්වූ බැවිනි.

No comments:

Post a Comment