2011 ICC Cricket world cup hot news.
2011 ICC Cricket world cup. Sri Lanka-India-Bangladesh ලෝක කුසලාන ක්‍රිකට් උණු උණු නිවුස් .
Saturday, February 5, 2011
'Hot Spot' වලට තහංචි වැටේ- තාක්ෂණය 'කොට උඩ' යයි ද?
ක්‍රිකට් ක්‍රීඩාවට හදුන්වා දී ඇති නව නීතියක් වන 'Umpire Decision Review System' (UDRS) මෙම ලෝක කුසලාන තරගාවලිය තුල දී භාවිතා කිරීමට තරගාවලිය මුල සිටම සංවිධායකයන් තීරණය කොට තිබූ නමුත්, දැන් එය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. මෙම නීතිය මගින් විනිසිරැවරයා දෙනු ලබන තීරණයක්, (විශේෂයෙන් ම දැවී යාමක්) අභියෝගයට ලක් කොට තාක්ෂණයේ ආධාරයෙන් ක්‍රීඩකයා සැබෑ ලෙසම දැවී ගිය අයෙක් ද නැත් ද යන වග තීරණය කරණු ලබයි. ඉතාමත් මිල අධික උපකරණ පද්ධතියක් භාවිතයෙන් මෙම තීරණ නැවැත විනිශ්චයට භාජනය කරනු ලබයි. මෙම උපකරණ පද්ධතිය ඕස්ට්‍රේලියාවේ සිට ලෝක කුසලානය පැවැත්වෙන දකුණු ආසියාතික රටවල්වලට ගෙන්විය යුතුය. මෙම පද්ධතියේ ඇති 'Hot Spot' නම් වූ අධිතාක්ෂණික මෙවලම ඉතා අධික මිලකින් යුතු ඉතා සංවේදී ආරක්ෂක පද්ධතිවලට යොදා ගන්නා තාක්ෂණයෙන් යුතු උපකරණයකි. මෙම උපකරණය බොහෝවිට යොදා ගනු ලබන්නේ හමුදා කටයුතු ආශ්රිත වූ ප්‍රහාරක ගුවන් යානා, යුධ ටැංකි වැනි මිලිටේරිමය උපකරණවල බැවින් ඕස්ට්‍රේලියාවෙන් පිටතට ගෙනයාමේ විවිධ තහංචි ඇති බව පැවසේ. තාවකාලික බලපත්‍රයක් යටතේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාරත්මේන්තුවේ අවසරය සහිතව මෙම උපකරණය ගෙන්වා ගත හැකි වූවත් එය දින 7ක් ඇතුලත නැවත ඕස්ට්‍රේලියාවට ලබා දීමට හැකි විය යුතුය.
'Hot Spot' මගින් පන්දුව හා එය වැදුනු ස්ථානය සම්බන්ධව නිවැරදි දත්තයන් සපයන බැවින් UDRS පද්ධතියේ නිරවද්යබාවය රැදීමට නම් මෙම උපකරණය පද්ධතියට අඩංගු විය යුතුබව පැවසේ.
ලෝක කුසලානය තරග සංවිධාන අවස්ථාවේ තිබියදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මෙම තාක්ෂණය යොදා ගන්නා බව පැවසූව ද, දැන් එම තාක්ෂණය යොදා ගැනීම දැඩි අවිනිශ්චිත අවස්ථාවකට පත්ව ඇති බව වාර්තා වේ.
Monday, January 24, 2011
'ලී' ඇවිලෙයි.......

දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් අතුරැදන්ව සිටි 'ලී' - බ්‍රෙට් ලී නැවත ක්‍රිකට් පිටිය ආක්‍රමණය කරමින් සිටී. මෙම සුපිරි ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා මෑත කාලයේ පිටියෙන් ඉවත්ව සිටියේ එක වැලට පැමිණි රෝගාබාධ හේතුවෙනි. සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නන් නිතර ආබාධවලට ගොදුරැ වීමේ දැඩි අවදානමක් පැවැතිය ද, ක්‍රිකට් විචාරකයන් ද පුදුමයට පත්කරමින් එංගලන්තය සමග පැවැති තුන්වැනි එක් දින තරගයේ දී ඔහු කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.
කලකට ඉහත දී ලෝකයේ වේගවත් ම පන්දු යවන්නෙක්ව සිටි 'ලී', ලෝක කුසලාන තරගාවලිය තුල දී සුපුරැදු දක්ෂකම් දක්වමින් 'ඇවිලුනහොත්' එය සියලු ප්‍රතිවාදී පිතිකරැවන්ට මහත් තර්ජනයක් වනු ඇත.
Saturday, January 22, 2011
රාමා නොමැති 'රාමායණය'.......

සචින් ටෙන්ඩුල්කාර් යනු ක්‍රිකට් වංශකථාවේ අමුතුම චරිතයකි. රාමා නොමැති 'රාමායණය' යම් සේද, සචින් නොමැති ක්‍රිකට් වංශකථාවක්ද තිබිය නොහැක. මේ වන විට සචින් රැස් කර ඇති ටෙස්ට් ශතක සංඛ්‍යාව 51 කි. එක් දින ශතක සංඛ්‍යාව 46 කි.
මේවා සියල්ලක්ම අන්තර් ජාතික තරගවලදී රැස් කල ශතකයන්ය. මේ අනූව ඔහු රැස් කර ඇති මුලු අන්තර්ජාතික ශතක සංඛ්‍යාව 97 කි. ශතකයන් ශතකයක් රැස් කිරීම සදහා ඔහුට තවත් ශතකයන් 3ක් පමණි. මෙම වාර්තාව ද බොහෝ දුරට මෙම ලෝක කුසලාන තරගාවලිය තුලදීම ඔහු අතින් බිද වැටීමට ඉඩ ඇතැයි ඉන්දීය විචාරකයන් පවසයි.
කෙසේ නමුත්, ඔහු මේ දක්වා සහභාගී වී ඇති ලෝක කුසලාන තරගාවලි සියල්ලේ දීම රැස් කර ඇත්තේද ශතක 4 ක් පමණි. නමුත් ලෝක කුසලාන තරගවලදී වැඩිම වතාවක් තරගයේ වීරයාවීම/ වැඩිම ලකුණු රැස් කල පිතිකරැවා වාර්ථාවන් උසුලන්නේ ද සචින් ය.
එපමණක් ද නොව, ක්‍රිකට් පොතේ බොහෝමයක් ලෝක වාර්තාවන් තමන්ගේ නම ඉදිරියෙන් සටහන් කරගනිමින් ද ලෝක වාර්තාව පිහිටුවා තිබෙන්නේ ද සචින්මය. ඒ අනූව බලන කල මෙම වාර්තාව බිදී යාමට ඉඩක් නැතැයි සිතීමට ද අපහසුය.
Friday, January 21, 2011
මුරලි ගේ සමුගැනීම ස්ථිරයි.....

2011 ලෝක කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම අවසන් එක් දින තරගාවලිය වන බව ලෝක පූජිත දග පන්දු යවන්නා වන මුරලිදරන් ප්‍රකාශ කොට ඇත.
"මගේ කාලය අවසන්. නමුත් මා අවුරැදු දෙකක කාලයක් සදහා IPL තරගාවලිය සදහා කොන්ත්‍රාත්තුවකට බැදී සිටිනවා. ඒ වගේම මම මෙවැනි අවස්ථාවන් නවසීලන්තයේ හෝ සමහර විට එංගලන්තයේ හෝ ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා." මුරලි ප්‍රකාශ කරයි.
" මෙම තරගාවලිය මගේ සිව් වැනි ලෝක කුසලාන තරගාවලිය. අපි 96 තරගාවලිය ජයග්‍රහනය කලා, 2007 කුසලානය කරා ඉතා ආසන්න වුනා අවසන් තරගය කරා පැමිණීමෙන්. මෙම තරගාවලිය මට මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ටද අමරණීය මතකයක් වනු ඇතැයි "ද මුරලි පැවසීය.
ටෙස්ට් කඩුලු 800 ක් ද එක් දින කඩුලු 517 ක්ද දවා ගනිමින් පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ මුරලි ට ගෞරවණීය සමුගැනීමක් සනිටුවහන් කල හැකි, ඔහුගේ ම තරගාවලියක් කර ගැනීමට ධෛර්ය ලැබේවා යි ප්‍රාර්ථනා කරන්නෙමු.
Thursday, January 20, 2011
ලාරාගේ ලැයිස්තුවේ ලංකාව නෑ.......! 96 ත් කණා ෂොට් ලු......!!!!!

බටහිර ඉන්දීය සුපිරි පිතිකරැවකු වූ බ්‍රයන් ලාරාගේ ලෝක කුසලාන අනාවැකි අනූව ලෝක කුසලානය දිනාගනු ඇත්තේ දකුණු අප්‍රිකාවයි. නමුත් ඕස්ට්‍රෙලියාව,එංගලන්තය හා ඉන්දියාවද තරගාවලියේ පෙරමුණ ගන්නා රටවල් අතරට එක්වීමට හැකියාවක් ඇතියි ලාරා පවසයි.
ලෝක කුසලාන තරගාවලිය වැනි දීර්ඝ සංචාරයක් සාර්ථකව, දක්ෂතා ඉහළ මට්ටමක පවත්වා ගනිමින් නිම කල හැක්කේ දකුණු අප්‍රිකාණු පිලට බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.
මීට අමතරව ලංකාව පිළිබදව ලාරා පවසා ඇති මතය ද ආන්දොලනාත්මකය. "ලංකාව 96 ලෝක ශූරයන්වූයේ ඉන්දියානු උපමහාද්වීපයේ තරගය තිබුණු නිසා. 96 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව දක්ෂ කණ්ඩායමක් නොවෙයි. නමුත් ඔවුන් උපමහාද්වීපයේ තරග පැවැත්වීමේ වාසිය ගත්තා. ඒ නිසා ඉන්දියාවටද මෙවර වාසි දායක තත්වයක් පවතිනවා"
1996 ලෝක කුසලාන තරගය සදහා ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කල ඉන්දීය කොදෙව්වන් අර්ධ අවසන් පූර්ව තරගයක දී ද, ඕස්ට්‍රේලියානුවන් අවසන් මහා තරගයේදී ද පරාජයට පත් කිරීමේ වේදනාව තවමත් ඔවුන් තුල ඇති බවට ලාරාගේ ප්‍රකාශය සාක්ෂි දරයි.
Wednesday, January 19, 2011
කෝටි 50ක් එපා කිවූ පලියට සචින් වීරයෙක් ද....??

සෑම ඉන්දියානුවෙක්ම දේවත්වයෙන් අදහන එකම චරිතයක් වෙත්නම් එම චරිතය සචින් ටෙන්ඩුල්කාර්ය. වැඩි සද්ද බද්ද නැති මේ සටන්කාමී පිතිකරැවා ලොව එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම පිතිකරැවායැයි පිළිගන්නට බිලියන ගණනක් වූ ඉන්දියානුවන් සිටින්නේ එක පයින්ය. ඔහු ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂකම් අපමණය. වාර්තා පොතේ සචින් රමේෂ් ටෙන්ඩුල්කාර් ගේ නම ඉදිරියෙන් ලියැවී ඇති වාර්තා ගණන කථා කිරීම කෙසේ වෙතත් ඔහුගේ සමහර තීරණයන් සමාජයීය වශයෙන් මුලු මහත් ලෝකයේම අවධානය යොමු කරවීමට සමත් බව නම් රහසක් නොවේ.
මෙයින් මෙම වසර ආරම්භයේම අවධානයට ලක් වූ ප්‍රවෘත්තිය වූයේ සචින් ඉන්දීය රැපියල් කෝටි 20ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් ප්රතික්ෂේපකලා යැයි කියන කරැණයි. යම් කිසි මධ්‍යසාර දැන්වීමක පෙනී සිටීම සදහා ඔහුට මෙම දැවැන්ත කොන්ත්‍රාත්තුව ලැබී තිබුණී. මෙය ලංකාවේ මුදල හා සසදා බැලූ විට කෝටි 50න දැවැන්ත මුදලකි.
ලොව බොහෝ තරැණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පමණක් නොව විවිධ සමාජ තරාතිරම් අතර Icon එසේත්නැතිනම් Idol කෙනෙකු ලෙස අප්‍රමාණ අවධානයට ලක්වන චරිතයක් මෙවන් අතිවිශාල ධනස්කන්ධයක් ප්‍රතික්ෂේප කරමින් දී ඇති පණිවිඩය ප්රශංසණීය ය. මෙම සිදුවීමෙන් පසු ඔහු හෙතූන් වශයෙන් කරැණු දෙකක් දක්වා ඇත. යමෙකුගේ සෙෘඛ්‍යට අයහපත් ලෙස බලපෑහැකි මත්ද්‍රව්‍ය දැන්වීම් සදහා ඔහු සහභාගී නොවන බවත්, එසේ නොකිරීමට සචින් තම පියාට පොරොන්දුවක්වී ඇති බවත්මේ ශ්‍රේෂ්ඨයා මාධ්‍ය වලට පවසා ඇත.
සචින් මෙම දැවැන්ත මුදල ප්‍රතික්ෂේප කරමින් පිට වූ විට, එම මත්පැන් කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායම් නායක මහේන්ද්‍ර සිං ද්‍රෝණි වීම කණගාටුදායක කරැණකි.
තමන් ප්‍රතික්ෂේප කරන වැරදී දේ අඛණ්ඩව කරගෙන යෑම සදහා ද මිනිසුන් ලොව කොතෙකුත් සිටී. එහෙව් සමාජයක කෝටී ගණනක් ප්‍රතික්ෂේප කල මිනිසෙක් වීරයෙකි. ඒ අන් කිසිවක් නිසා නොව පුරැෂාර්ථ හා සමාජ වගකීම් ආදිය මුදලට යට කල යුතු දේනොවන වග සචින් ටෙන්ඩුල්කාර් ආදර්ශයෙන්, ප්රායෝගිකවම පෙන්වූ බැවිනි.
පාකිස්ථාන කණ්ඩායමට නායකයෙක් නැද්ද....?
කණ්ඩායම් නායකත්වය සදහා ක්‍රීඩකයෙකු පත්කර ගැනීමට නොහැකිව පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව තවමත් ලතවෙමින්සිටී. කෙසේ වුවද කණ්ඩායම් නායකයෙකු නොමැතිව වුවද කණ්ඩායම නම් කර ගැනීමට පාකිස්ථාන් ක්‍රිකට් බලධාරීන් සමත් වී ඇත. එම තේරීම් ද තරමක ආන්දෝලනයක් ඇති කර බව වාර්තා වෙයි. මෙයට හේතුව වී ඇත්තේ දක්ෂ පිතිකරැවකුවන මොහොමඩ් යූසුෆ් කණ්ඩායමට ඇතුලු නොවීම බවද පැවසේ.
මේ අතර කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සයීඩ් අෆ්රීඩි පැවසූවේ තමන් නායකත්වයට පත් නොකිරීම සම්බන්ධව කලකිරීමක් තමන්ට නොමැති බවත්, එය තමන් බලාපොරොත්තුවෙන් සිටි තනතුරක්ද නොවන බවයි.
කෙසේ වූවත් විචාරකයන් පවසන්නේ පාකිස්ථානු ටෙස්ට් පිලේ නායක මිස්බා උල් හක්ගේ නායකත්වය සහිතව ලෝක කුසලාන තරගාවලියට තරග වැදීමට පකිස්ථානුවන්ට සිදුවනුඇති බවයි.
මේ අතර කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සයීඩ් අෆ්රීඩි පැවසූවේ තමන් නායකත්වයට පත් නොකිරීම සම්බන්ධව කලකිරීමක් තමන්ට නොමැති බවත්, එය තමන් බලාපොරොත්තුවෙන් සිටි තනතුරක්ද නොවන බවයි.
කෙසේ වූවත් විචාරකයන් පවසන්නේ පාකිස්ථානු ටෙස්ට් පිලේ නායක මිස්බා උල් හක්ගේ නායකත්වය සහිතව ලෝක කුසලාන තරගාවලියට තරග වැදීමට පකිස්ථානුවන්ට සිදුවනුඇති බවයි.
ඩැනියෙල් විටොරිට අභිරහස් ලෙඩක්....!

ලෝක කුසලාන තරගාවලිය ඉතා ආසන්නයේ පුහුණුවීම් කටයුතු අඛණ්ඩව පැවැත්වෙන මෙහොතක,නවසීලන්ත නායක ඩැනියෙල් විටෝරි අභිරහස් රෝග තත්ත්වයකින් පෙළෙමින් සිටින බව වාර්තා වේ. උණගතියක් හා ශරීර ශක්තිය අඩුවෙමින් පවතින ආකාරයේ රෝග ලක්ෂණ සහිතව සිටි ඩැනිලේ කණ්ඩායමේ වෛද්‍යවරැන් විසින් රැධිර පරීක්ෂණ සදහා යොමු කර ඇති බව දැන ගන්නට ඇත.
පළමු තරගය නවසීලන්තය හා කෙන්යාව අතර- පෙබරවාරි 20
2011 ලෝක කුසලාන තරගාවලිය 20 2011 දින නවසීලන්තය හා කෙන්යාව අතර තරගයෙන් ආරම්භවනු ඇත. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙය ඉන්දියාවේ චෙන්නායිහි එම්.ඒ.චිදම්බරම් ක්‍රීඩාංගනයේ දී 09:30ට ආරම්භ වේ.
කෙන්යානු බලඇණිය ජිමී කමාන්ඩේ විසින් ද නවසීලන්ත කණ්ඩායම ඩැනියෙල් විටොරි විසින් ද මෙහෙයවනු ඇත.
කෙන්යානු බලඇණිය ජිමී කමාන්ඩේ විසින් ද නවසීලන්ත කණ්ඩායම ඩැනියෙල් විටොරි විසින් ද මෙහෙයවනු ඇත.
Subscribe to:
Posts (Atom)
