Friday, January 21, 2011

මුරලි ගේ සමුගැනීම ස්ථිරයි.....




2011 ලෝක කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම අවසන් එක් දින තරගාවලිය වන බව ලෝක පූජිත දග පන්දු යවන්නා වන මුරලිදරන් ප්‍රකාශ කොට ඇත.

"මගේ කාලය අවසන්. නමුත් මා අවුරැදු දෙකක කාලයක් සදහා IPL තරගාවලිය සදහා කොන්ත්‍රාත්තුවකට බැදී සිටිනවා. ඒ වගේම මම මෙවැනි අවස්ථාවන් නවසීලන්තයේ හෝ සමහර විට එංගලන්තයේ හෝ ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා." මුරලි ප්‍රකාශ කරයි.
" මෙම තරගාවලිය මගේ සිව් වැනි ලෝක කුසලාන තරගාවලිය. අපි 96 තරගාවලිය ජයග්‍රහනය කලා, 2007 කුසලානය කරා ඉතා ආසන්න වුනා අවසන් තරගය කරා පැමිණීමෙන්. මෙම තරගාවලිය මට මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ටද අමරණීය මතකයක් වනු ඇතැයි "ද මුරලි පැවසීය.

ටෙස්ට් කඩුලු 800 ක් ද එක් දින කඩුලු 517 ක්ද දවා ගනිමින් පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ මුරලි ට ගෞරවණීය සමුගැනීමක් සනිටුවහන් කල හැකි, ඔහුගේ ම තරගාවලියක් කර ගැනීමට ධෛර්ය ලැබේවා යි ප්‍රාර්ථනා කරන්නෙමු.

No comments:

Post a Comment