Saturday, February 5, 2011

'Hot Spot' වලට තහංචි වැටේ- තාක්ෂණය 'කොට උඩ' යයි ද?


ක්‍රිකට් ක්‍රීඩාවට හදුන්වා දී ඇති නව නීතියක් වන 'Umpire Decision Review System' (UDRS) මෙම ලෝක කුසලාන තරගාවලිය තුල දී භාවිතා කිරීමට තරගාවලිය මුල සිටම සංවිධායකයන් තීරණය කොට තිබූ නමුත්, දැන් එය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. මෙ‍ම නීතිය මගින් විනිසිරැවරයා දෙනු ලබන තීරණයක්, (විශේෂයෙන් ම දැවී යාමක්) අභියෝගයට ලක් කොට තාක්ෂණයේ ආධාරයෙන් ක්‍රීඩකයා සැබෑ ලෙසම දැවී ගිය අයෙක් ද නැත් ද යන වග තීරණය කරණු ලබයි. ඉතාමත් මිල අධික උපකරණ පද්ධතියක් භාවිතයෙන් මෙම තීරණ නැවැත විනිශ්චයට භාජනය කරනු ලබයි. මෙම උපකරණ පද්ධතිය ඕස්ට්‍රේලියාවේ සිට ලෝක කුසලානය පැවැත්වෙන දකුණු ආසියාතික රටවල්වලට ගෙන්විය යුතුය. මෙම පද්ධතියේ ඇති 'Hot Spot' නම් වූ අධිතාක්ෂණික මෙවලම ඉතා අධික මිලකින් යුතු ඉතා සංවේදී ආරක්ෂක පද්ධතිවලට යොදා ගන්නා තාක්ෂණයෙන් යුතු උපකරණයකි. මෙම උපකරණය බොහෝවිට යොදා ගනු ලබන්නේ හමුදා කටයුතු ආශ්‍රිත වූ ප්‍රහාරක ගුවන් යානා, යුධ ටැංකි වැනි මිලිටේරිමය උපකරණවල බැවින් ඕස්ට්‍රේලියාවෙන් පිටතට ගෙනයාමේ විවිධ තහංචි ඇති බව පැවසේ. තාවකාලික බලපත්‍රයක් යටතේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාරත්මේන්තුවේ අවසරය සහිතව මෙම උපකරණය ගෙන්වා ගත හැකි වූවත් එය දින 7ක් ඇතුලත නැවත ඕස්ට්‍රේලියාවට ලබා දීමට හැකි විය යුතුය.

'Hot Spot' මගින් පන්දුව හා එය වැදුනු ස්ථානය සම්බන්ධව නිවැරදි දත්තයන් සපයන බැවින් UDRS පද්ධතියේ නිරවද්‍යබාවය රැදීමට නම් මෙම උපකරණය පද්ධතියට අඩංගු විය යුතුබව පැවසේ.

ලෝක කුසලානය තරග සංවිධාන අවස්ථාවේ තිබියදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මෙම තාක්ෂණය යොදා ගන්නා බව පැවසූව ද, දැන් එම තාක්ෂණය යොදා ගැනීම දැඩි අවිනිශ්චිත අවස්ථාවකට පත්ව ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment